‘හීන උඩ දුවන කාසියට යටවුන ජීවිතවල කතාව’ ගැන කියවෙන නවතම ආරකින් යුතු ටෙලි නාට්‍යක වැඩ පසුගියදා ආරම්භ වූවා. මෙය නම් කර ඇත්තේ ‘සිල්ලර හීන’යන නමිනි.
රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන මෙම ටෙලි නාට්‍යය විදේශානී රත්නායකගේ තිර රචනයක්. ප්‍රමිලා සුරංගනී නිෂ්පාදන කාර්‍යයෙන් දායක වනවා.
පබෝදා සන්දීපනී, රිතූ ආකර්ෂා, ප්‍රමිලා සුරංගනී, ප්‍රසන්නජිත් අබේසූරිය, තරංග දිසානායක, ගීතා කාන්ති ජයකොඩි, නිරෝෂන් විජේසිංහ, චානුක ප්‍රබුද්ධ, හර්ෂණ බෙත්මගේ, සංජය මුරමුදලි, ශෙෂාන් දීමන්ත, අපූර්වා ආශාවරී, නයනා හෙට්ටිආරච්චි, සමන්තගේ හේරත්, චමෝධ්‍ය අබේරත්න, සුජානි මධුවන්ති, රංගජිත් අබේසූරිය, යශෝධරා මාන්නගේ.. යන ජනප්‍රිය රංගන ශිලිපීන් රැසක් ‘සිල්ලර හීන’ ටෙලි නාට්‍යට රංගනයෙන් දායක වනවා.
පහතින් දැක්වෙන්නේ පසුගියදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හීදී පැවති මෙම ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල සඳහා සහභාගී වූ කලාකරුවන් හා ආරාධිත අමුත්තන්ගේ ඡායාරූප කිහිපයකි.
https://mirrorarts.lk/news/10805-2025-03-31-07-33-08#sigProId11525a422c




