ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව යළි පෘථිවිය කරා පැමිණීමට සමත් වූවා.
ඇමසෝන් හිමිකරුවනජෙෆ් බෙසෝස්ට අයත් අභ්‍යාවකාශ නිරීක්ෂණ සිදුකරන සමාගමක්වන බ්ලූ ඔරිජින්ට අයත් රොකට්ටුවකින් ඊයේ (14), පෙරවරු කාලයේ ඔවුන් මෙම සංචාරය සඳහා එක් වී තිබුණා.
ඔවුන් පෘථිවි කර්මන් රේඛාව (karman line) අභිබවා ගොස් මෙලෙය යළි පැමිණ තිබෙනවා.
කර්මන් රේඛාව යනු අභ්‍යවකාශයේ ආරම්භය ලෙස සැලකෙන අතර, එය පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර් 100 (සැතපුම් 62)කට වඩා ඉහළින් පිහිටා ඇත.
සාම්ප්‍රදායික ගුවන් යානාවලට ප්‍රචාලන පද්ධතියක් නොමැතිව මෙම ප්‍රදේශයට පියාසර කළ නොහැකි ස්ථානයකි.
ඔවුන් විනාඩි 10 ක පමණ කාලයක් අභ්‍යාවකාශයේ රැදී සිට තිබුණා.
මෙම අභ්‍යාවකාශ සංචාරයට පොප් ගායිකා කේටි පෙරීට අමතරව රොකට්ටුව හිමි බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සැන්චෙස්, මාධ්‍යවේදිනියක්, රොකට් විද්‍යාඥවරියක්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරියක් සහ චිත්‍රපට නිෂ්පාදකවරියක් එක්ව තිබුණා.

ඒ අනුව වසර 62කට පසු එනම් 1963 වසරේ දී රුසියාවේ (එවක සෝවියට් සමූහාණ්ඩුව) වැලන්ටිනා ටෙරෙෂ්කෝවාගේ ඓතිහාසික අභ්‍යාවකාශ මෙහෙයුමකින් පසු කාන්තාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ පළමු අවස්ථාව මෙය වෙනවා.




