රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවාවුනේ ධර්මප්‍රිය ඩයස් හිතවත්කමට හැමදෙනාම කියන්නේ නම් ඩයස් අයියා කියලා.
ධර්මප්‍රිය ඩයස් තමන් ලැබුණ සම්මානය ගැනත් වේදිකාව ගැනත් මේන්න මේ වගේ අදහසක් මාධ්‍යවෙත පවසලා තිබුණා.
‘සම්මාන කියන දේවල්වලින් අපේ වගේ රටක ඕන කෙනකුට උත්තේජනයක් ලැබෙනවා. ඒ ඇරෙන්න ඒක ජීවිතයේ වෙනසක් වෙන දෙයක් නෙවෙයි. ඒ කොහොම වුණත් ඒකෙන් නිරහංකාර සතුටක් ලබන්න පුළුවන්.
වේදිකාවට වැඩිය මම කැමැති චිත්‍රපටවලට . නමුත් මම වැඩිපුරම රැඳෙන්නෙ වේදිකාව එක්ක තමයි. ඔක්කොම කලා මධ්‍ය වුණාට වේදිකා නාට්‍යවලට කවුරුත් ඇඟිලි ගහන්න එන්නෑ. ආවත් ඉක්මනටම යනවා. වේදිකාව සෙල්ලම් කරන්න, ගේම් දෙන්න පුළුවන් තැනක් කියලා මං හිතන්නෑ. වේදිකා නාට්‍යවලට වුවමනා කෙනාව වුවමනා විදියට ගන්නවා. ඒ නිසා මම කැමැතියි.