ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තරුණ සූපවේදියෙකු මෙන්ම ව්‍යවසායකයෙකු වන චරිත් එන් සිල්වා සුප්‍රකට 'Forbes' සඟරාව මගින් ප්‍රකාශයට පත් කරන ‘2025 Forbes 30 Under 30 Asia’ ලැයිස්තුවට ඇතුලත් වී තිබෙනවා.
ඇමරිකාවේ සුප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන ‘Forbes’ විසින් ආසියා - පැසිෆික් කලාපය පුරා තරුණ ව්‍යවසායකයින්, කලාකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තවත් බොහෝ දෑ අගයමින් වසරක් පාසා Forbes 30 Under 30 Asia ලැයිස්තුව නිකුත් කරනු ලබනවා.
චරිත් මෙලෙස තේරීපත්ව ඇත්තේ, The Arts (ART & STYLE, FOOD & DRINK) කාණ්ඩය යටතේ ආසියාවේ සිටින තරුණ ව්‍යවසායකයින් 30 දෙනා අතරටයි.
සූපවේදී කලාව හරහා සමාජ මාධ්‍ය තුළ ද සුවිශේෂී සංධිස්ථානයක් සටහන් කිරීමට සමත් වූ චරිත් එන් සිල්වා විසින් පවත්වාගෙන යනු ලබන ‘wild cook book’ විනෝදාත්මක සූපවේදී නාලිකාව සෑම සමාජ මාධ්‍ය වේදිකාවකම අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති අතර, පසුගියදා ‘wild cook book’ යූ ටියුබ් නාලිකාව එය වටා එක්ව සිටින subscribers ලා ප්‍රමාණය මිලියන 10 ඉක්මවා යාමට සමත් වූවා. මෙය ශ්‍රී ලාංකීය යූ ටියුබ් නාලිකාවක් එම ඉලක්කය පසු කර ගිය ප්‍රථම අවස්ථාව වනවා.
එමෙන්ම ලංකාවේ ජනප්‍රිය ‘wildish’ අවන්හලේ හිමිකරු වන්නේ ද ඔහුයි.





