මෙරට ජනප්රිය රොක් සංගීතඥයෙකු වන විජේ දාස් දේශපාලඥයෙකු ගේ බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් දාස් මහතා පවසා ඇත්තේ ඊයේ (23) පස්වරුවේදී මෙම සිදුවීමට මුහුණපෑමට සිදුවූ බවයි.
ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු හා දේශපාලඥයෙකු ලෙස හඳුන්වාගත් පුද්ගලයෙකු හා ඔහු ගේ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු තමා ගේ නිවසට පැමිණ එයට ප්රහාරයක් එල්ල කළ බවත්, සිය නිවෙස බලහත්කාරයෙන් අත්පත්කරගැනීමට සැරසුනු බවත් එම සටහනේ දැක්වේ.
පොලිස් සහය ඇතිව ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට තමාට සිදුවූ බවත්, මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
දාස් මහතා විසින් මෙම සිදුවීමට අදාල CCTV දසුන් ඇතුළත් වීඩියෝපටයක් ද අන්තර්ජාලයට එක්කර ඇති අතර, එම වීඩියෝව හා ඔහු ගේ ෆේස්බුක් සටහන පහත දැක්වේ.
-ශ්රී ලංකා මිරර්-