lan englan tam

පුවත්

‘ක්ලැරන්ස් - Rhythm of the Guitar’ ජූනි 27 වනදා සිට රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට 70, 80 දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත් ගායකයෙකු සහ සංගීතවේදියෙකු වන ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවිත කතාව ඇසුරින් නිමැවුනු  "ක්ලැරන්ස්" - Rhythm of the Guitar අලුත්ම සිංහල චිත්‍රපටය 2025 ජූනි 27 වනදා පටන් තිර ගත වීමට දැන් සියලු කටයුතු සූදානම්.

අලුත්ම ශානරයක් ඔස්සේ නිර්මාණය වන මේ චිත්‍රපටය තමයි ගායකයෙකුගේ ජීවිත කතාව ඇසුරින් කරපු ලංකාවේ පළවෙනි චිත්‍රපටය වෙන්නේ.

සාරංග දිසාසේකර - දිනක්ෂි ප්‍රියසාද් - දමිත් විජයතුංග - ධනුෂ්ක ඩයස් - ඉඳුවර සූරියබණ්ඩාර, නිහාරි පෙරේරා, ඉශංකා ජහන්වී, ෆර්නි රෝෂිනි, ශ්‍රීමාල් වෙඩිසිංහ, දනුෂ්ක ඩයස්, ඉඳුවර සූරියබණ්ඩාර.. වැනි ජනප්‍රිය රංඟන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා. 

චිත්‍රපටයේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ චරිතය නිරූපණය කරන්නේ රංගන ශිලිපී දමිත් විජේතුංග විසින්.

ඒ වගේම චිත්‍රපටයේදී 70, 80 දශකයේ මෙරට සංගීතයේ නැවුම් වෙනසක් කළ ‘ත්‍රී සීස්ටර්’ සංගීත කණ්ඩායමේ මල්ලිකා පෙරේරා, ඉන්දානි පෙරේරා සහ අයිරාංගනී පෙරේරාගේ චරිත ජීවමාන කරන්නේ දිනක්ෂි ප්‍රියසාද්,ශේෂාද්‍රි  ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් යන තරුණ පරපුරේ රංගන ශිල්පිනියන් තිදෙනා විසින්.

 

"ක්ලැරන්ස්" - Rhythm of the Guitar චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තමයි තේජා ඉද්දමල්ගොඩ.

‘ආශාවරී’ සිනමාපටයෙන් පසුව ඔහුගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය මෙය වන නමුත්, පසුගිය වසරේදී හදිසි රෝගී තත්වයක් මත අවාසනාවන්ත අයුරින් ඔහු ජීවිතයෙන් සමුගත්තා.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ KCC නිර්මාතෘ තුසිත විජයසේන විසින්.

ඉතින්ලාංකීය සංගීත රසිකත්වය පෙම්බැඳි අපුර්වතම ස්වර රටාවසංගීතයේ සප්ත ස්වරයට පෙම්බැඳි ඔහු ක්ලැරන්ස් විජේවර්ධන. අනන්ත වූ සංගීත චාරිකාවක සදාදරණීය ආමන්ත්‍රණය 'Rhythm of the Guitar' ජූනි 27 වනදා පටන් ඔබට නැරඹීමට අවස්ථාව උදා වෙනවා.

484823867 122129895992698665 359930393741492193 n

 

ඡායාරූප උපුටා ගැනීම - ('ක්ලැරන්ස් Rhythm of the Guitar' facebook පිටුව ඇසුරිනි) 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom