අපේකම වියැකෙන්නට නොදී රැකගන්නට වෙර දරන කන්ද උඩරට නර්තන ගුරු පවුලක් වටා ගෙතෙන, සම්මානනීය "ශේෂ" (Sheysha) සිංහල සිනමාපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය මේ වන විට එළි දක්වා තිබෙනවා.
Cine Paris Film Festival හි විශිෂ්ටතම කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානයත්, Cannes World Film Festival හි විශිෂ්ටතම නර්තන චිත්‍රපටය ලෙසත්, විදෙස් සම්මානයට පාත්‍ර වූ 'ශේෂ' ලංකාව පුරා සිනමා හල්වලදී නුදුරේදීම තිරගත කිරීමට නියමිතයි.
නර්තනයේ දැවැන්තයන් රවිබන්දු විද්‍යාපති - චන්දන වික්‍රමසිංහ දායකත්වයෙන් උමාලි තිලකරත්න, චන්දන වික්‍රමසිංහ, මල්කාන්ති ජයසිංහ, සමන්ත කුමාර ගමගේ, නලින් ප්‍රදීප් උඩවෙල ඇතුලු නලු නිලියන් රැසකගේ රංගනයෙන් හැඩවන 'ශේෂ' සිනමාපටය රිදී තිරයට තිළිණ කරන්නේ ඉසුරු ගුණතිලක යි.
ලාංකීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය, මෙරට සිටින අද්විතීය නර්තනවේදියෙකු වන චන්දන වික්‍රමසිංහව රිදී තිරයේ ප්‍රධාන චරිතයකින් දැකගන්නට ලැබෙන පළමු අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.
අපේකම හා සබැඳුනු අපටම උරුම, ප්‍රෞඪ ලාංකීය නර්තන කලාව... ඒ උරුමයටම යා වුනු අතිශය රමණීය නාද රටාවන්... දළදා පෙරහැරට සම්බන්ධ වී නර්තනයේ යෙදීම තමන්ගේ ජීවිතයේ උතුම්ම කරණය ලෙස සැලකු සුබුරා ගුරුන්නාන්සේ හා ඔහුගේ පුත්‍රයා වටා ගෙතුණු ඒ අපූරූ චිත්‍රපටය, "ශේෂ" ළඟදීම ඔබට නැරඹීමට අවස්ථාව උදා වනු ඇති.
පහතින් දැක්වෙන්නේ "ශේෂ" (Sheysha) සිනමා පටයේ නවතම පූර්ව ප්‍රචාරක පටයයි.




