lan englan tam

පුවත්

ලෝක ප්‍රකට රෙගේ තරුව ඇල්ෆා බ්ලොන්ඩි ශ්‍රී ලංකාවට පැමිණෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘රෙගේ’ සංගීතයේ සුවිශේෂී ගෝලීය සලකුණක් වන ඇල්ෆා බ්ලොන්ඩ් අද (16)  අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්  දිවයිනට පැමිණියා

.ඒ බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටින කොළඹදී පැවැත්වෙන ඔහුගේ ප්‍රසංගයට පෙරාතුවයි.

 

518078664 1224532473019982 5610667264414441386 n

 

ඇල්ෆා බ්ලොන්ඩි සැලකෙන්නේ බොබ් මාලේට පසුව වඩාත් සුවිශේෂීම රෙගේ කලාකරුවා ලෙසයි.

අද අලුයම අබුඩාබි සිට Etihad Airways EY -394 දරණ ගුවන් යානයෙනුයි ඔහු මෙරටට පැමිණියේ. ඔහු සමග පවුලේ සාමාජිකයන් සිවු දෙනෙක් ද මේ සමග පැමිණියා.

එළඹෙන සෙනසුරාදා (19) සවස කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී ඔහු සහභාගී වන ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම ගෝලීය රෙගේ තරුව ඇතුළු පිරිස අද ගුවන්තොටුපළින් මෙරටට පැමිණි පසු  ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් මහත් හරසරින් ඔවුන්ව පිළිගැනීමට කටයුතු කර තිබුණා.

 

518341450 1224532489686647 1360040650851297059 n

kemadasa

shungara

Back to top
Go to bottom