lan englan tam

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි රූ කෞතුකාගාරය ජනගත කිරීම හෙට ජනපති අතින්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඇහැලේපොළ වලව්වේ ඉදිකොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි පිළි රූ කෞතුකාගාරය ජනගත කිරීම,

2025.07.17 දින, මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

මෙම ඉටි පිළි රූ කෞතුකාගාරය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාරගේ සංකල්පයක් හා මෙහෙය වීම මතයි නිර්මාණය කොට තිබෙන්නේ.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රාජ්‍ය පාලන සමයේ මහාධිකාරම් තනතුර දැරූ ඇහැලේපොළ අධිකාරම් සහ ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දූ දරු පිරිස විසූ ඇහැලේපොළ වලව්වේ තොරතුරු ද සහිතව මෙම කෞතුකාගාරය ඉදිකර තිබෙනවා.

Ehelepola Walauwa 2

 

1592 සිට 1815 දක්වා වූ කන්ද උඩරට ඉතිහාසයේ රජවරු, සියම් දේශයෙන් මෙරට උපසම්පදාව ගෙනෙන ලද ප්‍රවර උපාලි හිමියෝ, මල්වතු අස්ගිරි උභය විහාරයන්හි මහා නායක ස්වාමීන් වහන්සේලා, වැලිවිටියේ සරණංකර සංඝරාජ හිමි ඇතුළුව කන්ද උඩරට සිවිල් පරිපාලනය, ඉංග්‍රීසි පාලන සමයේ චරිත ඇතුළු ඉතිහාසය නියෝජනය කරන චරිත තිස් හයකින් සමන්විත ඉටි පිළි රූ නිර්මාණය කොට ඇති අතර මෙම කෞතුකාගාරය මාස දාසයක් වැනි කෙටි කලකින් නිර්මාණය  වූවක් වීම ද විශේෂත්වයක් වනවා.

 

kemadasa

shungara

Back to top
Go to bottom