lan englan tam

පුවත්

කුලී ඝාතකයෙකු සමග එක් වන මැතිල්ඩාගේ කථාව “Leon: The Professional” අද (26) ITN එකේ පෙන්වනවා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අද (26), ස්වාධින රූපවාහිනී සේවයේ ( ITN) ‘Saturday Night Movie’ විශේෂාංගය තුළින් ‘Leon: The Professional’ ප්‍රංශ චිත්‍රපටය විකාශය කෙරෙනවා.

චිත්‍රපටය රාත්‍රී 10.30 ට විකාශය වීමට නියමිතයි.

522973958 1205878614917237 4120463076665164900 n

 

1994 වර්ෂයේදී ඉංග්‍රීසි බසින් නිර්මාණය වූ ප්‍රංශ චිත්‍රපටයක් වන මෙය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ Luc Besson විසින්.

මෙම චිත්‍රපටය (action -thriller) ක්‍රියාදාම-ත්‍රාසය යන ප්‍රවර්ගයට අයත් චිත්‍රපටයක් ලෙස වර්ග කල හැකියි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ ‘මැතිල්ඩා’ නම් වයස අවුරුදු 12 දැරියකගේ චරිතය වන අතර එම චරිතය නිරූපණය කරන්නේ වර්තමානයේ සුප්‍රකට නිළියක වන Natalie Portman විසින්. ඇයත් සමග චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන චරිතය Jean Reno විසින් නිරූපණය කරනවා.

චිත්‍රපටයේ කතාව ගලා යන්නේ කුඩා මැතිල්ඩා කේන්ද්‍ර කර ගෙන වන අතර ඇයගේ පවුලේ සියලුම සාමාජිකයන් දූෂිත නාකොටික් නිලධාරීන් පිරිසක් (DEA) විසින් ඝාතනය කරනු ලබනවා.

මැතිල්ඩාගේ දිවි බේරෙන්නේ (Leon) නැමැති පුද්ගලයෙකු නිසා වන අතර ඔහු කුලී ඝාතකයෙකු බව පසුව ඇය දැන ගන්නවා.

කුඩා මැතිල්ඩා ලියෝන් සමග ජීවත් වීමට තෝරා ගනු ලබන අතර ලියෝන්ගේ ඇසුරින් ලබන අත්දැකීම් සහ අධ්‍යාපනයත්, විටෙක ආදරයත් එමෙන්ම සිය සහෝදරයා මැරූ දූෂිත පොලිස් නිළධාරීන්ගෙන් පළි ගැනීමට කරන උත්සහයත් යන අවස්ථා ඔස්සේ චිත්‍රපටය ගලා යනවා.

IMDB දර්ශකයේ 8.5/10 ඉහළ අගයක් ලබා ඇති මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ හොඳම චිත්‍රපට 50 අතරට ද ඇතුළත් වී තිබෙන ලොව පුරාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ චිත්‍රපටයක් ලෙස සැළකෙනවා.

එමෙන්ම ක්‍රියාදාම දර්ශන මෙන්ම කුතුහලය, ත්‍රාසය නොඅඩුව ලබා දෙන මෙම චිත්‍රපටය ඉහළ සිනමාත්මක වින්දනයක් ලබාදෙන චිත්‍රපටයක් ලෙසද නම් කළ හැකියි.

පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි.

 

kemadasa

shungara

Back to top
Go to bottom