ශ්‍රී ලංකාවේදී රූගත කරන ලද දර්ශන රැසක් ඇතුළත් Gowtam Tinnanuri විසින් අධ්‍යක්ෂණය කරන ‘KINGDOM' ඉන්දියානු තෙළිඟු චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළි දක්වා තිබෙනවා.
හයිද්‍රාබාද්, විශාකාපට්නම්, කේරළ හා ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගෙනයි මෙහි රූගත කිරීම් සිදු කොට තිබෙන්නේ.
ලංකාවේ ගාල්ල ඇතුළු ප්‍රදේශ මෙන්ම බෝගම්බර බන්ධනාගාරය වැනි ස්ථාන වල රූගත කළ දර්ශන රැසක් මෙහි දැකගන්න පුළුවන්.
දැවන්ත ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි විජේ දේවරකොන්ඩා, සත්‍යදේව්, බාග්‍යශ්‍රී බෝසේ ඇතුලු ජනප්‍රිය ඉන්දීය නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වනවා.
ඉන්දියානු රුපියල් කෝටි 130 ක පමණ නිෂ්පාදන පිරිවැයක් දරා නිෂ්පාදනය කොට ඇති මෙම චිත්‍රපටය ජූලි 31 වනදා සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි.
පහතින් දක්වා ඇත්තේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි>>>




