යුනෙස්කෝව විසින් නම්කර ඇති ජාත්‍යන්තර Jazz සංගීත දිනය (International Jazz Day) අදට (30) යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් සංගීතඥ හර්ෂ මාකලන්ද සහ නාට්‍යවේදී නලින්ද ප්‍රේමරත්න ඇතුළු Act4 කණ්ඩායම එක්ව සංවිධානය කරනු ලබන සැමරුම් වැඩසටහනක් තලවතුගොඩ Act4 theatre for change මධ්‍යස්ථානයේ දී අද (30) දිනය පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එහි දී පෙ.ව 9.00 සිට ප.ව 1.00 දක්වා Jazz සංගීතය පිළිබඳව හඳුන්වා දීමේ වැඩමුළුවක් පැවැත්වෙන අතර ඊට Jazz සංගීතය සම්බන්ධයෙන් මෙරට සිටින ප්‍රවීණම ශිල්පීන් සහභාගී වීමට නියමිතයි.
සන්ධ්‍යා භාගයේ දී Jazz සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද සංවිධායකයන් කටයුතු යොදා තිබෙනවා.
මේ සැමරුම ඒ මොහොතේදීම තවත් රටවල් 130කට අධික ප්‍රමාණයක් සැමරීමට ද කටයුතු යොද ඇත.