lan englan tam

පුවත්

ත්‍රාසය, භීතිය සපිරි සිනමා අත්දැකීමක් සමඟ ශාන් ජයරත්නගේ “සරා සුසුම්” නුදුරේදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දින වල ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය “වීදුරු තිර” ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා මෙන්ම ‘සෝණා’ චිත්‍රපටය ඔබ වෙත ගෙන ආ ශාන් ජයරත්නගේ නවතම සිනමා නිර්මාණය වන “සරා සුසුම්”චිත්‍රපටයේ අවසන් අදියරේ නිෂ්පාදන කටයුතු මේ දින වල සිදු කෙරෙමින් පවතිනවා.

ඒ අනුව චිත්‍රපටය නුදුරේදීම ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමටයි සූදානම් වන්නේ.

මෙහි ප්‍රධාන චරිත සඳහා ශලනි තාරකා, අඛිල ධනුද්දර, දිනිති වල්ගමගේ රංගනයෙන් එක්ව තිබෙන අතර මයුර කාන්චන, අමිල කරුණානායක, චතුර රාජපක්ෂ, ලක්ෂාන් වත්තුහේවා, ප්‍රදීප් මානවඩුගේ ,දනංජි තාරුකා, අශෝක සේපාල.. වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.

‘Horror’ ශානරයේ චිත්‍රපටයක් වන “සරා සුසුම්” ත්‍රාසය, භීතය සහ කුතුහලය කැටි කොට ගත් සිනමා නිර්මාණයක්.

චිත්‍රපටයේ කතාව ගලා යන්නේ  හුදෙකලා බංගලාවක් සහ එහි පදිංචියට පැමිණෙන තරුණ යුවලකට මුහුණ දෙන්නට සිදුවන අනපේක්ෂිත - භයංකාර සිද්ධි දාමයක් වටායි.

චිත්‍රපටයේ තිර රචනය සිදු කොට ඇත්තේ ලක්ෂාන් වත්තුහේවා විසින් වන අතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ශෙරාන් ජයසිංහ විසිනි. මෙය ‘සිනෙමැජික් ප්‍රඩක්ෂන්ස්’ ඉදිරිපත් කිරීමක්.

 

506904354 122114190302883774 6513162758651963302 n

kemadasa

shungara

Back to top
Go to bottom