lan englan tam

පුවත්

ටේලර් ස්විෆ්ට් සිය 12 වන ගීත ඇල්බමය ගැන නිල වශයෙන් නිවේදනය කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලොව සුප්‍රකට ඇමරිකානු ගායිකාවක වන ටේලර් ස්විෆ්ට් විසින් සිය 12 වන ගීත ඇල්බමය වන ‘The Life of a Showgirl’ නිකුත් කිරීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ පැය 24 ක් පුරා රසිකයන් අතර පැවති දැඩි අනුමාන කිරීම් රැසකට පසුව ටේලර් ස්විෆ්ට් විසින් සිය පෙම්වතා වන ට්‍රැවිස් කෙල්සි සමඟ පැවති පොඩ්කාස්ට් වැඩසටහනකදීයි.

ස්විෆ්ට්ගේ නව ගීත ඇල්බමය පිළිබඳව සඳුදා උදෑසන සිටම කටකතා නිර්මාණය වී තිබණේ  ඇගේ අලෙවිකරණ කණ්ඩායම විසින් ඡායාරූප 12 ක් "Thinking about when she said 'see you next era'." යන සටහන ද සමග පළකිරීමත් සමඟයි.

පසුව, ඇගේ පෙම්වතා වන පාපන්දු ක්‍රීඩක ට්‍රැවිස් කෙල්සි (Travis Kelce), ටේලර් ස්විෆ්ට් ඔහුගේ "New Heights" පොඩ්කාස්ට් වැඩසටහනට ආරාධිතයෙකු ලෙස සහභාගී වන බව තහවුරු කර තිබුණා. නව ඇල්බමය පිළිබඳව මෙම නිල නිවේදනය ටේලර් ස්විෆ්ට් විසින් නිවේදනය කොට ඇත්තේ මෙහිදීයි.

ඇල්බමයේ නිල වශයෙන් නිකුත් කිරීමේ දිනය පසුව නිවේදනය කරන බවයි සදහන් වන්නේ.

පසුගිය වසරේ ඇය නිකුත් කළ 11 වන ඇල්බමය "The Tortured Poets Department" Spotify හි වැඩිම නැරඹුම්වාර ප්‍රමාණයක් ලබාගත් ඇල්බමය ලෙස නව වාර්තාවක් තැබීමට සමත් වුණා.

එම ඇල්බමය නැරඹුම්වාර බිලියන 5 සහ 6 යන දෙකම ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

ටේලර් ස්විෆ්ට් මේ වනවිට ග්‍රැමී සම්මාන 14ක් සහ ඇමරිකානු සංගීත සම්මාන සමගින් දශකයේ කලාකරුවා යන ගෞරවය ද හිමිකර ගෙන තිබෙන විශ්ෂ්ට ගායිකාවක සහ ගීත රචිකාවියක් වනවා.

kemadasa

shungara

Back to top
Go to bottom