lan englan tam

පුවත්

අසම්මත බැඳීමක මිලේච්ඡ කලු පැල්ලම "Room No:106" ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මුළු රටම කතා කල, රටම කම්පා කළ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ "Room No:106" සිංහල චිත්‍රපටය ළඟදීම තිර ගත වීමට නියමිතයි.

මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ මීට පෙර සංජානා, රජ හොරු, හොරා පොලිස්, කිඩ්නැප්, ගිනිමල් පොකුරු වැනි චිත්‍රපට රැසක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ සුරංග ද අල්විස් ය.

බිමල් ජයකොඩි, ඩිස්නි රාජපක්ෂ, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, ප්‍රියන්ත සිරිකුමාර, දමිතා අඹේරත්න, නයෝමි තක්ෂලා, ජීවන් සප්ත රංග, ඉෂාන් මෙන්ඩිස්, ධනු ඉන්නසිතම්බි.... වැනි ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

චිත්‍රපටයේ තිර රචනය සුනෙත් මාලිංග ලොකුහේවා විසින් වන අතර මෙහි සංගීත අධ්‍යක්ෂණය සංඛ දිනෙත් විසිනි.

මෙය SANGEETHA FILMS සාඩම්බර ඉදිරිපත්කිරීමක්.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න!

 

kemadasa

shungara

Back to top
Go to bottom