මෙරට සම්මානනීය සිනමා නිර්මාණකරුවෙකු වන විමුක්ති ජයසුන්දර විසින් අධ්‍යක්ෂණය කළ ‘Spying Stars’ නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් කොට තිබෙනවා.
මෙම චිත්‍රපටය එළඹෙන සැප්තැම්බර් 17 වනදා සිට ඇරඹෙන්නට නියමිත බූසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ තරඟකාරී අංශය සඳහා ද මේ වන විට තේරී පත්ව තිබෙනවා.
ඉන්දිරා තිවාරි ,සෞම්‍ය ලියනගේ ,කෞශල්‍යා ප්‍රනාන්දු ,සමනලී ෆොන්සේකා ඇතුලු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වි තිබෙනවා.
යන්ත්‍ර මගින් ආධිපත්‍ය දරණ අනාගතයේ කාලයක ජීවත් වන විද්‍යාඥ වරියක් වන ආනන්දි සිය පියාගේ අවසන් කැමැත්ත ඉටු කිරීම සඳහා හනුමාන් නැමැති දූපතට පැමිණෙන අතර එහිදී ඇයට මුහුණ දීමට සිදුවන සිදු වීම් සමුදායක් පසුබිම් කරගෙනයි මෙම චිත්‍රපටයේ කථාව නිර්මාණය වී තිබෙන්නේ.
මෙහිදී ආනන්දිට මුණ ගැසෙන මවක් සහ ඇගේ සංක්‍රාන්තික ලිංගික දියණිය සමඟ සිදුවන ගනුදෙණුව වටායි චිත්‍රපටය ගලා යන්නේ.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචරක පටය නරඹන්න පහතින් නරඹන්න >>>




