lan englan tam

පුවත්

නාසින් විසින් සොරකම් කරන ලද වටිනා සිතුවමක් අනපේක්ෂිත ලෙස නැවත මතුවූ හැටි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙවන ලෝක යුධ සමයේදී ජර්මානු නාසි හමුදා විසින් නෙදර්ලන්තයේ ඇම්ස්ට්‍රඩෑම් නගරයෙන් සොරකම් කරන ලද වටිනා චිත්‍රයක් නැවතත් අනපේක්ෂිත ලෙස සොයා ගැනීමට එරට පොලිසිය සමත් වී තිබෙනවා.

ඒ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයෙන්.

ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙකු වන Giuseppe Vittore විසින් 18 වන සියවසේදී අඳින ලද "Portrait of a Lady" ලෙස හැදින්වෙන මෙම චිත්‍රය ඇතුළු තවත් චිත්‍ර දහස් ගණනක් 1940 වර්ෂයේදී නාසීන් විසින් නෙදර්ලන්තය ආක්‍රමණය කිරීමෙන් පසු  සොරකම් කර තිබුණා.

මෙම චිත්‍රය සොයා ගැනීමට හැකිවී තිබෙන්නේ එම නාසි හමුදා නිළධාරියෙකුට අයත්ව තිබූ නිවසක් අලෙවි කිරීම සදහා ඔහුගේ දියණිය අන්තර්ජාලයේ පළ කර තිබූ දැන්වීමකින් පසුවයි.

එම දැන්වීම සහිත ඡායාරූපයේ අදාළ නිවසේ සෝෆාව අසල එල්ලා තිබෙන මෙම වටිනා චිත්‍රය දර්ශනය වී තිබෙනවා.

 

b396bf10 829e 11f0 a21f a946aea0c353.jpg  Giuseppe Vittore විසින් අඳින ලද “Portrait of a Lady” චිත්‍රය අදාල දැන්වීම සහිත ඡායාරූපයේ දිස්වූ අකාරය

 

6095850f 55c9 b604 8ca3 2eb6cd123450 1Giuseppe Vittore විසින් අඳින ලද “Portrait of a Lady” චිත්‍රය

kemadasa

shungara

Back to top
Go to bottom