lan englan tam

පුවත්

සුප්‍රකට ගායිකා ටේලර් ස්විෆ්ට් ට මංගල සීනූ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝකප්‍රකට ඇමරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් පාපන්දු ක්‍රීඩක ට්‍රැවිස් කෙල්ස් සමග විවාහ ගිවිසගත් බවට නිවේදනය කොට තිබෙනවා.

"Your English teacher and your gym teacher are getting married." යනුවෙන් එක් පෙළක සටහනක් සහ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවේ ඡායාරූප පෙළක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා පළ කරමිනුයි ඇය මේ බව දැනුම් දී තිබෙන්නේ.

 

e65924f0 82c7 11f0 bdb9 35fb233afe71.png

 

NFL තරුවක් වන කෙල්ස්, ස්විෆ්ට් දණ නමා, එකිනෙකාගේ දෑස් දෙස බලා වැළඳ ගනිමින් සිටින අයුරු මෙම ඡායාරූප සටහනේ දැක්වෙනවා.

වසර දෙකක කාලයක් එකට පෙම් සුව විදි මෙම යුවළගේ නව ආරම්භය ඊයේ (27) දිනයේ ප්‍රසිද්ධියට පත් වීමත් සමග මෙය අන්තර්ජාලය පුරා බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ සිදුවිමක් වූවා.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙහිදී ටේලර් ස්විෆ්ට් පැළඳූ විවාහ ගිවිස ගැනීමේ මුදුවේ වටිනාකම අමෙරිකානු ඩොලර් 29,000 කට ආසන්න මුදලක් බවයි.

cce43970 831b 11f0 ad25 d7b7e6500196.jpg

6ba602f0 82c7 11f0 bdb9 35fb233afe71.png

kemadasa

shungara

Back to top
Go to bottom