lan englan tam

පුවත්

කෑන්ස් සම්මානලාභී සිනමා අධ්‍යක්ෂක අපිචට්පොන් වීරසේතකුල් සරසවි චිත්‍රාගාරය නැරඹීමට එක්වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දිනවල මෙරටට පැමිණ සිටින කෑන්ස් සම්මානලාභී කීර්තිමත් තායි ජාතික සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන අපිචට්පොන් වීරසේතකුල්(Apichatpong Weerasethakul) අද දින (29) ජාතික චිත්‍රපට සංස්ථාවේ - දළුගම සරසවි චිත්‍රාගාරය නැරඹීමට එක්වී තිබෙනවා.

2010 වර්ෂයේදී අපිචට්පොන් විසින් අධ්‍යක්ෂණය කළ ඔහුගේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සැලකෙන් “Uncle Boonmee Who Can Recall His Past Lives” (2010) චිත්‍රපටය සඳහා කෑන්ස් චිත්‍රපට උළෙලේදී කීර්තිමත් Palme d'Or සම්මානය හිමි වූ අතර එය පුනරුත්පත්තිය, ජනප්‍රවාද සහ ගුප්ත විද්‍යාව යන තේමාවන් ඇසුරින් ගෙතූ විශිෂ්ඨ සිනමා කෘතියක් විය.

ඉන්පසු 2021 වර්ෂයේදී ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ටිල්ඩා ස්වින්ටන් රඟපෑ‘මෙමෝරියා’ (Memoria) චිත්‍රපටය එම වසරේ කෑන්ස් චිත්‍රපට උළෙලේදී ජූරි ත්‍යාගය දිනා ගැනීමට සමත් වූ අතර මෙය ලෝක සිනමාවේ සුවිශේෂී ඇගයුමක් ලෙස ඔහුගේ කීර්තිය වඩාත් තහවුරු කිරීමට සමත් විය.

ඒ අනුව ලෝක සිනමාවේ වඩාත් බලගතු චිත්‍රපට නිර්මාණය කළ අපිචට්පොන් වීරසේතකුල් දළුගම සරසවි චිත්‍රාගාරයට පමිණීම  ආශ්වාදජනක අවස්ථාවක් සේම , ශ්‍රී ලාංකික සිනමාවට වටිනා මොහොතක් වූ අතර තායි සිනමාව හා ශ්‍රි ලාංකේය සිනමාව අතර කලාත්මක හුවමාරුවේ සහ සංස්කෘතික සම්බන්ධතාවයේ බලය මෙම සංචාරය තුළින් සක්‍රීය වීමක් ලෙසද සැලකිය හැකිය.

මේ මොහොත සදහා අපිචැට්පොං ගේ නිෂ්පාදන නිර්මාණකරු , ජාතික චිත්‍රපට සංස්ථාවේ ශබ්ද සැලසුම් ශිල්පී සසික රුවන් මාරසිංහ , කලා අධ්‍යක්ෂක ලාල් හරේන්ද්‍රනාත් යන පිරිසද සහභාගී විය.

 

540504188 743348451869743 6585127480220055188 n

 

kemadasa

shungara

Back to top
Go to bottom