lan englan tam

පුවත්

ලංකාවේ රූගත කළ දර්ශන ඇතුළත් ‘Mirai’ තෙළිඟු චිත්‍රපටය සැප්තැම්බර් 12 සිට තිරගත වේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය කාලයේ මෙරට ඇල්ල - දෙමෝදර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය භාවිතා කරමින් රූගත කිරීම් සිදු කළ ඉන්දියානු  චිත්‍රපටයක් ගැන බොහෝ කතා බහට ලක් වූවා ඔබට මතක ඇති.

‘Mirai: Super Yodha’ නැමැති එම ඉන්දියානු තෙළිඟු සිනමාපටයේ එක් සටන් ජවනිකාවක් රූගත කළේ දෙමෝදර ආරුක්කු නමයේ පාලම මතයි.

ඉතින්, මෙම චිත්‍රපටය එළඹෙන සැප්තැම්බර් 12 වන දින සිට ලොව පුරා තිරගත වීමට නියමිත බව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ ‘people media factory’ නම් ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදන සමාගම නිවේදනය කොට තිබෙනවා.

මේ වන විට ‘Mirai’ චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටයක්ද නිකුත් කොට ඇති අතර එහි ශ්‍රී ලංකාවේ ආරුක්කු නමය පාලම සහ ඒ අවට රූගත කළ දර්ශන රැසක්ම මෙහි දැකගන්න පුලුවන්.

Action -adventure ප්‍රවර්ගයේ දැවැන්ත ඉන්දියානු තෙළිගු චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Karthik Gattamneni විසින් වන අතර Teja Sajja, Manchu Manoj, Jagapathi Babu ඇතුළු නලු නිලියන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.

පහතින් දක්වා තිබෙන්නේ 'Mirai: Super Yodha' චිත්‍රපටයේ අලුතෙන්ම නිකුත් වූ ප්‍රථම පූර්ව ප්‍රචාරක පටයයි.

 

kemadasa

shungara

Back to top
Go to bottom