ලොව ප්‍රකට ඉතාලි විලාසිතා නිර්මාණකරුවෙකු වන ජෝර්ජියෝ අර්මානි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු මිය යන විට 91 හැවිරිදි වියේ පසු වූ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සුප්‍රකට ආර්මානි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන්නේ ජෝර්ජියෝ අර්මානියි. එමෙන්ම ෆෝබ්ස් සඟරාවට අනුව ඔහු ලොව ඉහළම බිලියනපතියන් 200 දෙනා අතරට ද ඇතුළත් වනවා.
1981 දී ඔහු ආරම්භ කළ එම සමාගම වසරකට යුරෝ බිලියන 2.3 ක් (ඩොලර් බිලියන 2.7ක්) පමණ ආදායමක් උපයන ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී තිබෙනවා.
මිය යන විට ඔහු ඩොලර් බිලියන 10කට වඩා වටිනා වත්කම් ගොඩනඟා තිබූ අතර, එයට ඇඳුම් පැළඳුම් සහ උපාංග, ගෘහ භාණ්ඩ, සුවඳ විලවුන්, ආලේපන, පොත් ආදිය ඇතුළත් වන බව ද විදෙස් මාධ්‍ය සදහන් කරනවා.




