lan englan tam

පුවත්

නවයූගා කුහරාජාගේ ‘Bommai’ (An Island Story) සැප්තැම්බර් 19 වනදා සිට තිරගත වීම් ඇරඹේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකීය තරුණ චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වන නවයූගා කුහරාජා විසින් අධ්‍යක්ෂණය කළ  ‘Bommai’ (An Island Story) දමිළ චිත්‍රපටය (ඉංග්‍රීසි උපසිරැසි සහිතව) එළඹෙන සැප්තැම්බර් 19 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිර ගත වීමට නියමිතයි.

ශ්‍රී ලාංකික වෘතාන්ත සිනමාවට තවත් තරුණ කාන්තා නිර්මාණවේදිනියකගේ ආගමනය සටහන් කරන මෙම චිත්‍රපටය මෙහි අධ්‍යක්ෂිකාව වන නවයූගා කුහරාජා උතුරේ යුද්ධය පිළිබඳව ඇය අත්විදී ඛේදනීය, සත්‍ය අත්දැකීම් මත පදනම් වෙමින් නිර්මාණය වී තිබෙනවා.

බිහිසුණු යුද්ධයකට පසු දිවෙන කතාවක් අන්තර්ගත මනෝවිද්‍යාත්මක නාට්‍ය (Psycological Drama) වර්ගයේ චිත්‍රපටයක් වන මෙහි කතාව,

හිටපු කාන්තා නිදහස් සටන්කාරිනියක් වන තමීශ් (Thamizh) පාදක කර ගෙන දිවෙයි. ඇය සිය ජීවිතය නැවත ගොඩනගා ගැනීමට උත්සාහ කරන්නේ අතීතයේ සෙවණැළි සමඟ සටන් කරමිනි. මේ අතර ඇය අපේක්ෂා නොකළ මෙහෙයුමකට ඇද වැටෙන අතර ඇගේ දරා ගැනීමේ හැකියාව සහ ධෛර්‍ය පරික්ෂාවට ලක් වන අතර, සැගවී ඇති සත්‍ය නිරාවරණය වන මෙන්ම ඇයට තමාගේ ගැඹුරුම භීතීන් වලට මුහුණ දීමට බල කෙරෙන ගමනකට යොමුවේ.

 

මෙම චිත්‍රපටය සිංහල හා දමිළ රංගන ශිල්පීන් සහ නිෂ්පාදන ශිල්පීන් රැසකගේ සුසං‍යෝගයෙන් නිර්මාණය වී ඇති අතර  මෙහි,  ප්‍රධාන රංගනයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනියක වන යශෝධා රසඳුනී සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරිය මෙන්ම ප්‍රමුඛ දමිළ රංගන ශිල්පිනියක ද වන නවයූගා කුහරාජා එක්වෙනවා.

යශෝදා රසඳුනි ලාංකීය සිනමාව තුළ “සයපෙති කුසුම’(2016) වැනි චිත්‍රපට හරහා මෙන්ම “තාත්තා” වැනි ටෙලි නාට්‍ය හරහා දැක්වූ රංගන කුසලතාවය හරහා බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට සමත් වූ ශිල්පිනියයි. නවයුගා කුහරාජා ලාංකීය දමිළ සිනමාවේ ප්‍රධාන සලකුණක් වූ “ Komali Kings” චිත්‍රපටය හරහා බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට සමත් වූවා.

එමෙන්ම ‘Bommai’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරිය ලෙස මදුනි අලහකෝන් පුස්සවෙල කටයුතු කළ අතර ඇය සැලකෙන්නේ ලාංකීය වෘතාන්ත සිනමාවේ ප්‍රථම වෘත්තීය කැමරා අධ්‍යක්ෂවරිය ලෙසයි.

ඒ සමග චිත්‍රපටයේ සංස්කරණය මරුති කේ. (Maruthi.K) විසින්ද, එම්. රජිනිකාන්ත් (M.Rajinikanth) සංගීත අධ්‍යක්ෂණයෙන්ද, අරුණ ඩයස් කලා අධ්‍යක්ෂණයෙන්ද, මදාරා ගොඩගේ අංග රචනයෙන්ද, විශේෂ ශබ්ද ප්‍රයෝග - සී. සේතු (C. Sethu) විසින් ද, ශබ්ද මිශ්‍රණය- සී කේ බූපති රාජා විසින් ද (CK.Boopathi Raja), Line Producer ලෙස විකී (Vicky)ද  කටයුතු කරනවා.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ IBC TAMIL වෙනුවෙන් බාස්කරන් කන්ඩයියා ( Baskaran Kandiah) විසිනි.

ප්‍රේක්ෂක ඔබට සැප්තැම්බර් 19 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා වලදී 'Bommai' (An Island Story) නරඹන්නට එක්විය හැකියි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න>>>

 

 

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom