lan englan tam

පුවත්

සෝමරත්න දිසානායකගේ “The Rapist” මුහුරත් උළෙල දා! (photos)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණය ‘The Rapist’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුනා.

කොළඹ ජානකී හෝටලයේ දී පැවති මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න එක් වූ අතර චිත්‍රපටයේ රංගන ශිල්පීන් ඇතුළුව නිෂ්පාදන කණ්ඩායමේ පිරිසක් මීට සහභාගී වූවා.

සජිත අනුත්තර සමගින් අභිලාෂි සන්තුශ්කි මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් එක්වන අතර සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, සරත් කුලාංග, හසිනිකා කරළියද්ද ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වන්නට නියමිතයි.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ රේණුකා බාලසූරිය හා ෂෙහාන් සපරමාදු විසින්.

ඒ අනුව ‘The Rapist’ චිත්‍රපටයේ රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි.

සෝමරත්න දිසානායක පසුගිය වර්ෂ කිහිපයේ අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණ වන සරිගම (2016), සුනාමි (2020)Underpants Thief (2021) වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වූ අතර 2024 වර්ෂයේ තිරගත වූ 'සිංහබාහු' චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ සම්මානනීය චිත්‍රපටයක් බවට පත් විය.

පහතින් දැක්වෙන්නේ පසුගියදා පැවති ‘The Rapist’ චිත්‍රපටයේ මුහුරත් උළෙලේ ඡායාරූප කිහිපයක්.

View the embedded image gallery online at:
https://mirrorarts.lk/news/11620-the-rapist#sigProId36c4ce1226

 

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom