lan englan tam

පුවත්

උදයකාන්ත වර්ණසූරියගේ " මේඝ වර්ෂා" මුහුරත් උළෙල දා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ජනප්‍රිය හා සම්මානනීය සිනමා නිර්මාණකරු උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණයේ සමාරම්භක මුහුරත් උළෙල පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදි පැවැත්වුණා.

ගීත රැසක් අඩංගු අතිශයින්ම ආදරණීය හා විනෝදාත්මක චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිත සදහා රංගනයෙන් එක්වන්නේ මේ දින වල ජනප්‍රිය තරුණ රංගන ශිල්පීන් දෙපළක් වන දමිත් විජයතුංග හා චතුර රාජපක්ෂ සමගින් සිනමාවට හඳුන්වා දෙනු ලබන අංජලී වත්සලා ජයසිංහයි.

ඒ සමගින් සනත් ගුණතිලක , දුලීකා මාරපන , හේමසිරි ලියනගේ , ඩිලානි අබේවර්ධන, සංගීත් ප්‍රභූ , සංජය මුරමුදලි , චන්දිමා කරුණාදාස , රොහාන් විජේතුංග , මල්කාන්ති ජයසිංහ , ඕදාත හංසක , කිෂූ ගෝමස් , විශ්ව ලංකා.. ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිලිපීන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ඉවෝක් රූපහල ෆිල්ම්ස් පුද්ගලික සමාගම විසිනි.

උදයකාන්ත වර්ණසූරියගේ සිනමා දිවියේ 29 වන සිනමා නිර්මාණය වන “මේඝ වර්ෂා” චිත්‍රපටය එළඹෙන සැප්තැම්බර් 14 වනදා සිට රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතයි.

පහතින් දක්වෙන්නේ පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදි පැවති “මේඝ වර්ෂා” චිත්‍රපටයේ මුහුරත් උළෙලේ ඡායාරූප කිහිපයක්.

තොරතුරු - 'Anton J. Fernando' ෆේස්බුක් පිටුව ඇසුරිනි 

(ඡායාරූප අයිතිය - ඉන්දික මල්ලව ආරච්චි සතුයි (Indika Mallawarachchi )

 

545827132 25343034765284858 270008332927596159 n

545785682 25343031755285159 3607776965650988702 n

545694975 25343042298617438 6447412412566023431 n

545625543 25343035275284807 5865599966030987233 n 1

545654979 25342982961956705 7024566803516379827 n 1

545799969 25342994598622208 7802223541828477487 n

546105828 25343034005284934 2157123862739941876 n

546199336 25343032821951719 7894491036686847040 n

545763070 25343042378617430 2160040880734374514 n

kemadasa

shungara

Back to top
Go to bottom