lan englan tam

පුවත්

වෙනීස් චිත්‍රපට උළෙල 2025 : ‘Orizzonti’ අංශය යටතේ හොඳම අධ්‍යක්ෂක සම්මානය දිනාගත් පළමු ඉන්දියානුවා බවට අනුපර්ණා රෝයි පත්වේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා නිමාවට පත් වූ 82 වන වෙනීස් චිත්‍රපට උළෙල්දී  ‘Orizzonti’ අංශය යටතේ හොඳම සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂිකා අනුපර්ණා රෝයි සමත් උණා.

'Orizzonti' අංශය යනු වෙනීස් චිත්‍රපට උළෙලේ විකල්ප සිනමාව නියෝජනය කරන චිත්‍රපට වෙනුවෙන් ඉදිරිපත් වන අංශයක් වන අතර මෙහිදී අනුපර්ණා රෝයි විසින් අධ්‍යක්ෂණය කළ ‘Songs of Forgotten Trees’ චිත්‍රපටය වෙනුවෙන් මෙම සම්මානය හිමි වූවා.

ඒ අනුව වෙනීස් චිත්‍රපට උළෙලේ ‘Orizzonti’ අංශය යටතේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත් ප්‍රථම ඉන්දියානුවා ලෙස ඇය ඉතිහාසගත වනවා.

මීට පෙර 2014 වර්ෂයේදී වෙනීස් චිත්‍රපට උළෙලේ ‘Orizzonti’ අංගය යටතේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට ද ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක Chaitanya Tamhane ගේ ‘Court’ චිත්‍රපටය සමත් වූවා.

එමෙන්ම මේ වන විට කීර්තිමත් වෙනීස් චිත්‍රපට උළෙලේ ප්‍රධාන තරඟයේ හොඳම චිත්‍රපටය වෙනුවෙන් පිරිනැමෙන ඉහලම සම්මානය වන Golden Lion සම්මානය ඉන්දියානු සිනමාව දෙවරක් ජයග්‍රහණය කර තිබෙන අතර පළමුව 1956 වසරේ සත්‍යජිත් රායි අධ්‍යක්ෂණය කළ Aparajito සහ දෙවෙනි අවස්ථාව ලෙස 2001 වසරේ මීරා නායර් අධ්‍යක්ෂණය කළ Monsoon Wedding චිත්‍රපටයට හිමිව තිබෙනවා.

(තොරතුරු උපුටා ගැනීම 'Ramitha Vimukthi' ෆේස්බුක් පිටුව ඇසුරිනි) 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom