ද්විත්ව පුරවැසිභාවය ලබා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මන්ත්රීනී ධුරයට නුසුදුසු බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර සිටියා.
ඒ එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දැරීමට අයිතියක් නැතැයි පවසමින් ගොනු කර තිබූ පෙත්සම පිළිබඳ තීන්දුව අභියාචනාධිකරණය අද (03) ප්‍රකාශයට පත් කරමිනි.
අභියාචනාධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි.
ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ඡන්දදායකයන් 5 දෙනෙකු විසින්.
ඒ, 2015 වසරේ මාර්තු මාසයේදියි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට අමතරව ආගමන විගමන පාලකවරයා, නිදහස් සන්ධාන මහලේකම්වරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා නම් කර තිබෙනවා.
පසුගිය මාර්තු මස 14 වනදා මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සළකා බැලුනු අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරිය නොහැකි බවයි.