එංගලන්ත රජ පවුලේ විලියම් කුමරා හා කේට් කුමරිය ප්රංශයේ සඟරාවකින් යුරෝ මිලියන 1.3ක වන්දි ඉල්ලා නඩු පවරා තිබෙයි.උ
මීට වසර පහකට පෙර පෞද්ගලික නිවාඩුවක් ගත කරමින් සිටි කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ප්රංශයේ සඟරාවක් විසින් පළ කර තිබුණි.
එම සඟරාවේ පැපරාසි ඡායාරූප ශිල්පියෙකු විසින් මෙම ඡායාරූප ගෙන තිබේ.
ප්රංශයේ අධිකරණයක විභාග වූ නඩුවට ඊයේ දිනයේදී රාජකීය යුවළ පෙනී නොසිටියද ඔවුන් වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිට තිබේ.
සඟරාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ, මෙම ඡායාරූප ධනාත්මක ස්වරූපයෙන් පළ කළ බවත් එය එක්සත් රාජධානියේ පළ නොකළ බවත්ය.