ශ්‍රී ලාංකික ශිල්පීන් විසින් නිෂ්පාදනය කරන මෙරට පළමු 2D ඇනිමේෂන් ෆැන්ටසි ඇඩ්වෙන්චර් චිත්‍රපටය ලෙස සැළකෙන “ නතාරි - Warrior of the Hidden Realm” ළගදීම තිරගත වන්නට නියමිතයි.
බිමල් ජයකොඩි, කළණ ගුණසේකර, හසලක තුෂාර, කසුනි කාවින්දි, සුරංග රණවක, අතුල ජයසිංහ, රේණුකා බාලසූරිය,ත්‍රිලක්ශනී රත්නායක,මනෝජා ප්‍රනාන්දු, ශ්‍යාමලී ලිවේරා,ලකයි සිකයි ඇතුලු ලංකාවේ ජනප්‍රිය නළු නිළියන් සහ හඬ නලුවන් රැසක් මීට සම්බන්ධ වෙනවා.
නතාරී ඇනිමේෂන් සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ 'නයිට් රයිඩර්' සිංහල සිනමාපටය ඔබ වෙත ගෙනා කසුන් චන්ද්‍රනාත් පතිරණයි.
ඉතින්, නුදුරේදීම ප්‍රේක්ෂකයන්ට ලාංකීය ශිල්පීන්ගේ එකතුවෙන් නිර්මාණය වූ 2D ඇනිමේෂන් චිත්‍රපටයක අත්දැකීම විදගන්නේ මේ සමග අවස්ථාව හිමි වෙනවා.
(මූලාශ්‍රය - cinemalk)





