lan englan tam

පුවත්

7 වන (SAFAL) ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ප්‍රහර්ෂ ඉඳුවරගේ "මතක වස්ත්‍ර"කෙටි චිත්‍රපටයට විශේෂ සම්මානයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකිය තරුණ සිනමා නිර්මාණකරුවෙකු වන ප්‍රහර්ෂ ඉදුවර සූරියබණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කළ "මතක වස්ත්‍ර" (The Empty Robe) කෙටි චිත්‍රපටය,

පසුගියදා පැවති 7 වන දකුණු ආසියානු චිත්‍රපට, කලා හා සාහිත්‍ය (SAFAL) ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී දකුණු ආසියානු සිනමාව තුල බලාපොරොත්තු තබා ගත හැකි දක්ෂතා සහ විභවයන් පිළිබිඹු කරන, නැගී එන සිනමාකරුවකුගේ සිනමා නිර්මාණයක් වෙනුවෙන් පිරිනමනු ලබන "New horizons Jury Award" සම්මානයෙන් පිදුම්ලැබූවා.

වාර්ෂික උත්සවයක් ලෙස ඕස්ට්‍රේලියානු දකුණු ආසියානු සංසදය (ASAF) විසින් පවත්වනු ලබන මෙම SAFAL ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, දකුණු ආසියානු කතන්දර කීමේ පොහොසත්කම, විවිධත්වය සහ සමකාලීන හඬ ඉස්මතු කරනවා.

මෙවර ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්ථානය, නේපාලය, භූතානය, ඇෆ්ගනිස්ථානය සහ ඩයස්පෝරාව ඇතුළු රටවල් රැසක් නියෝජනය කරමින් වෘතාන්ත චිත්‍රපට, වාර්තා චිත්‍රපට, කෙටි චිත්‍රපට මීට ඉදිරිපත් වී තිබුණ අතර ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කරමින් සම්මාන උළෙල පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කාසල් හිල් හි Pioneer රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ඉදුවර සූරියබණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටයේ කතාවට පසුබිම් වන්නේ ග්‍රාමීය විහාරස්ථානයක තරුණ භික්ෂූන් වහන්සේ නමක් රහසින් සිවුර හැර යමින් සිටින අතරතුර හදිසි අනතුරකින් මිය යාම පිළිබඳ සිදුවීමක් සහිත කතා පුවතකි.

මෙවර 7 වන ( SAFAL) ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම වෘතාන්ත චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වෙමින්  (Golden Lotus Award) සම්මානය දිනා ගැනීමට සමත් වූයේ ද සුදත් මහදිවුල් වැව විසින් අධ්‍යක්ෂණය කළ ‘My Red Comrade’ චිත්‍රපටයයි.

 

 

The Empty Robe

kemadasa

shungara

Back to top
Go to bottom