lan englan tam

පුවත්

26 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ( සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 26 වන වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025,

සැප්තැම්බර් මස 27 දින සිට ඔක්තෝබර් 06 වන දින දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම පෙ.ව 9.00 සිට ප.ව. 9.00 දක්වා විවෘතව තැබෙනු ඇත.

2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස ගොඩගේ ප්‍රකාශන සමාගම කටයුතු කරයි. ප්ලැටිනම් අනුග්‍රාහකයින් ලෙස අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ජෙයා බුක්සෙන්ටර්, එම්ඩී ගුණසේන සහ සමාගම, මාස්ටර් ගයිඩ්, රත්න පොත් ප්‍රකාශකයෝ, සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ, සරසවි ප්‍රකාශන සහ සුසර ප්‍රකාශන දායකත්වය දරයි.

එසේම රන් අනුග්‍රාහකයින් ලෙස ඉමාෂි ප්‍රකාශන, නොලේජ් බෑන්ක්, නෙප්චූන් ප්‍රකාශන, සමයවර්ධන ප්‍රකාශන, සතර ප්‍රකාශන සහ වාසනා ප්‍රකාශන කටයුතු කරයි.

මාධ්‍ය අනුග්‍රාහකයින් ලෙස ලංකාදීප පුවත්පත් සමාගම, ජාතික රූපවාහිනිය සහ නෙත් එෆ්එම් කටයුතු කරයි. නිල බැංකු ලෙස මෙවරත් සම්පත් බැංකුව කටයුතු කරන අතර, මකීන් පොත් ආයතනය සත්කාරක අනුග්‍රාහකත්වය දරයි. 

 

542754449 1315423933485468 3251418901882861965 n

 

(මූලාශ්‍රය - 'Sri Lanka Book Publishers Association' නිළ ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

shungara

Back to top
Go to bottom