lan englan tam

පුවත්

බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමෝ ස්වර්ගස්ථ වෙති!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, කොළඹ ඇක්වයිනාස් ආයතනයේ හිටපු ප්‍රධානී මෙන්ම කඩවත - ඇල්දෙණිය ගර්භවාස මාතා දේවස්ථානයේ මීසම් පාලකවද අවසන් වරට මීසම් සේවය කළ ගරු බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමා ස්වර්ගස්ථ වී තිබෙනවා.

කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ පිහිටි කතෝලික සභාවට අයත් ඊව්නින් ස්ටාර්ස් නැමැති විශ්‍රාමික නිවහනේ සිටියදී උන්වහන්සේ ස්වර්ගස්ථ වී ඇති බවයි ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු පියතුමන් නිවේදනය කොට ඇත්තේ.

ස්වර්ගස්ත වන විට පියතුමාණෝ 85 වන වියෙහි පසු වූවා.

කතෝලික සභාව සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය අතර යහපත් බැඳියාව මීට දශකයකටත් වැඩි වකවානුවලදී අගනා ලෙස පවත්වාගෙන ගිය පියතුමාණෝ, තමන් අනුගමනය කළ දිවැසිවර කාර්යය තුළ අවසන් සමය රෝගාතුරව වුවද සමාජය තුළ පැසසුමට සහ ඇගයුමට ලක් වෙමින් ගත කළහ.

එතුමාණෝ සිය දිවැසිවර කාලය හැව්ලොක් ප්‍රදේශයේ කතෝලික සභාවේ Evening Starsහිදී අවසන් කළහ.

 

තොරතුරු - ශිවන්ති ප්‍රනාන්දු

ඡායාරූපය - Sri Lankan Catholics

kemadasa

shungara

Back to top
Go to bottom