"මෝඩ තරිඳු" සිංහල චිත්‍රපටය එළඹෙන ඔක්තෝම්බර් 10 සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වන්නට සූදානම්.
"මෝඩ තරිඳු" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මීට පෙර ‘නිනෝ ලයිවු’ සිනමාපටය ඔබ වෙත ගෙන ආ තිසර ඉඹුලානයි.
පසුගියදා, “මෝඩ තරිඳු” චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයද නිකුත් කරනු ලැබුවා.
සූර්යා දයාරුවන් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටයට,
කෞශල්‍යයා ප්‍රනාන්දු, ධනුක ඩිල්ෂාන්, ශනුද්‍රි ප්‍රියසාද්, ශෙහානි කහඳවල, සේවියර් කණිෂ්ක, නිල්මිණි කෝට්ටෙගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිණි සිගේරා, චතුර රාජපක්ෂ, ශාක්‍ය ශ්‍රීවර්ධන ඇතුළු ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.
"මෝඩ තරිඳු" චිත්‍රපටයේ තිර රචනය තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන විසිනි.
කැමරාකරණය හසිත වර්ණසූරිය විසින් වන අතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Thisara Imbulana Films & Villa19 මගිනි.
සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් ගමගේ විසිනි.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්.




