මෙවර 77 වන එමී සම්මාන උළෙලේදි එමී සම්මානයක් දිනා ගනිමින් එම සම්මානය දිනූ ලාබාලතම නළුවා ලෙස ඉතිහාස ගත වීමට 15 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකු වන ඕවන් කූපර් සමත් වූවා.
ඔහුට මෙම සම්මානය හිමි උනේ 'Outstanding Supporting Actor In A Limited Series or Movie' කාණ්ඩය යටතේ ඔහු රංගනයෙන් එක්වූ Netflix හරහා විකාශනය වුණු ‘Adolescence’ කතා මාලාවේ රංගනය වෙනුවෙනුයි.
එමෙන්ම සම්මාන උළෙලේදී ‘Adolescence’ කතා මාලාවට රූපවාහිනී කතා මාලා කාණ්ඩය යටතේ හොඳම අධ්‍යක්ෂණය හා හොඳම තිර රචනය හිමි සම්මාන ද හිමි වූවා.
එම සම්මානය ලබා ගනිමින් ඕවන් කූපර් සඳහන් කළේ මෙවැනි අදහසක්,
ඇත්තටම මේක හරිම විශ්මයජනකයි. අද රාත්‍රියෙන් ඔප්පු වෙන්නේ, ඔබ ඉගෙන ගත්තොත්, අවධානය යොමු කළොත්, ඔබ ජීවිතයේ සුවපහසු කලාපයෙන් එළියට ආවොත් ජීවිතයේ ඕනෑම දෙයක් අත්පත් කරගත හැකි බවයි... යනුවෙනි.
77 වන prime time එමී සම්මාන උළෙල ඊයේ (15) රාත්‍රියේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි පීකොක් රඟහලේදී පැවැත්විණි.
ඇමරිකා එක්සත් ජනපදයේ විශිෂ්ටතම ටෙලි නිර්මාණ,වැඩසටහන් සහ නිර්මාණ ශිල්පීන් ඇගයීම උදෙසා එරට රූපවාහිනී කලා හා විද්‍යා ඇකඩමිය(ATAS) විසින් එමී සම්මාන උළෙල වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබනවා.
මතු දැක්වෙන්නේ 2025 එමී සම්මාන උළෙලේ අනෙකුත් ප්‍රධාන ජයග්‍රාහකයන් පිළිබඳ විස්තරයි.
Outstanding Drama Series – the pitt
Outstanding Comedy Series -The Studio
Outstanding limited or anthology series - Adolescence
Lead Actor in a Drama Series – Noah Wyle (the pitt)
Lead Actress in a Drama Series – Britt Lower (severance)
Supporting Actor in a Drama Series – Tramell Tillman ((severance)
Supporting Actress in a Drama Series – Katherine LaNasa ( the pitt)
Lead Actress in a comedy series - Seth Rogen (the studio)
Lead Actress in a comedy Series - Jean Smart (Hacks)




