lan englan tam

පුවත්

HBO Max ගෝලීය ස්ට්‍රිමින් සේවාව ලබන 15 සිට ශ්‍රී ලංකාවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Warner Bros. Discovery ගෝලීය සමාගම විසින් ක්‍රියාත්මක කරන ලොව ප්‍රධානතම Video Streming සේවාවක් වන HBO Max සේවාව ශ්‍රී ලංකාව ඇතුළුව බංගලාදේශය, පකිස්ථානය, බෲනායි, කාම්බෝජය, ලාඕසය, මැකාවු... යන ආසියානු පැසිපික් කාලාපයේ රටවල් 14 ක් සඳහා සිය සේවාවන් ව්‍යාප්ත කිරීමට සුදානම් බව නිවේදනය කොට තිබෙනවා.

ඒ අනුව  එළඹෙන ඔක්තෝම්බර් 15 වනදා සිට ශ්‍රී ලංකාව තුළද මෙම HBO Max ස්ට්‍රිමින් සේවාව නැරඹීමට ග්‍රාහකයන්ට අවස්ථාව උදා වනු ඇති.

මෙම HBO Max සේවාව හරහා HBO නාළිකාවේ ප්‍රමුඛ වැඩසටහන් මෙන්ම,

Harry Potter සහ DC Universe හි ජනප්‍රිය චිත්‍රපට, Cartoon Network, Max Originals, Discovery, TLC, AFN, Food Network, ID සහ HGTV යන ලොව ප්‍රමුඛතම විනෝදාස්වාද නාලිකා රැසක අන්තර්ගතයන් නැරඹීමට අවස්ථාව උදා වෙනවා.

එමෙන්ම, Superman, Sinners සහ Final Destination Bloodlines වැනි ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට මෙන්ම House of the Dragon, The Last of Us, The Penguin සහ The Pitt වැනි කතා මාලා රැසක් මේ හරහා ඉදිරිපත් වනවා.

තවද, The Paper සහ MobLand මෙන්ම Gold Rush, Deadliest Catch සහ 90 Day Fiancé. Family favorites වැනි විශිෂ්ට කතා මාලාවන් ද මේ යටතේ රස විඳීමේ අවස්ථාව උදා වන අතර Adventure Time, We Bare Bears, Tom and Jerry සිට The Wonderfully Weird World of Gumball දක්වා පවුලේ සැමට රස විඳිය හැකි නිර්මාණ රැසක්ද මේ හරහා ඉදිරිපත් වෙනවා.

ඒ අනුව ඉදිරියේදී ආසියා පැසිෆික් කලාපයේ දියත් කිරීමෙන් පසු www.hbomax.com හරහා මෙන්ම තෝරාගත් හවුල්කරුවන් මඟින් අවශ්‍ය දායකත්වය ලබා ගත හැකි අතර ඒ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී නිවේදනය කරන්නට නියමිතයි.

 

තොරතුරු - adaderana biz

kemadasa

shungara

Back to top
Go to bottom