lan englan tam

පුවත්

නවයූගා කුහරාජාගේ “Bommai” (An Island Story) හෙට (19) සිට තිරගත වීම් ඇරඹේ. (නැරඹිය හැකි සිනමා ශාලා ගැන විස්තර මෙන්න)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකීය තරුණ චිත්‍රපට අධ්‍යක්ෂකවරියක වන නවයූගා කුහරාජා විසින් අධ්‍යක්ෂණය කළ ‘Bommai’ (An Island Story) දමිළ චිත්‍රපටය හෙට (19), සිට (ඉංග්‍රීසි උපසිරස සහිතව) දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.

ආරම්භක සතිය තුළ (සැප්තැම්බර් 19 සිට) චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශාලා පිළිබඳ විස්තර සටහන පහතින් දැක්වේ.

 

ShowTimes English 2

 

පශ්චාත් යුධ කාලීන තේමාවක් පාදක කොට ගත් මෙම චිත්‍රපටය, මෙහි අධ්‍යක්ෂිකාව වන නවයූගා කුහරාජා උතුරේ යුද්ධය පිළිබඳව ඇය අත්විදී ඛේදනීය, සත්‍ය අත්දැකීම් මත පදනම් වෙමින් නිර්මාණය වී තිබෙනවා.

සිංහල හා දමිළ රංගන ශිල්පීන් සහ නිෂ්පාදන ශිල්පීන් රැසකගේ සුසං‍යෝගයෙන් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනියක වන යශෝධා රසඳුනී සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරිය මෙන්ම ප්‍රමුඛ දමිළ රංගන ශිල්පිනියක ද වන නවයූගා කුහරාජා එක්වෙනවා.

‘Bommai’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන් මදුනි අලහකෝන් පුස්සවෙල ද, චිත්‍රපටයේ සංස්කරණය මරුති කේ. (Maruthi.K) විසින්ද, එම්. රජිනිකාන්ත් (M.Rajinikanth) සංගීත අධ්‍යක්ෂණයෙන්ද, අරුණ ඩයස් කලා අධ්‍යක්ෂණයෙන්ද, මදාරා ගොඩගේ අංග රචනයෙන්ද, විශේෂ ශබ්ද ප්‍රයෝග - සී. සේතු (C. Sethu) විසින් ද, ශබ්ද මිශ්‍රණය- සී කේ බූපති රාජා විසින් ද (CK.Boopathi Raja), Line Producer ලෙස විකී (Vicky)ද  කටයුතු කර තිබෙනවා.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ IBC TAMIL වෙනුවෙන් බාස්කරන් කන්ඩයියා (Baskaran Kandiah) විසිනි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්>>>

 

kemadasa

shungara

Back to top
Go to bottom