lan englan tam

පුවත්

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල දිවි ගමනින් සමුගනී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගවේදී  නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මිය යන විට 56 හැවිරිදි වියේ පසු වූ ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර තුනේම සිය රංගන කුසලතාව ප්‍රකට කළ ඔහු  ලාංකීය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ කලාකරුවෙකි.

වේදිකාව හරහා රංගනයට අත්පොත් තැබූ ඔහු 1998 වසරේදී ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ 'ජුලියට්ගේ භූමිකාව' චිත්‍රපටය හරහා සිනමා රංගනයට පිවිසුණා. 

ජුරියා, කැලණි පාලම, මැන්ඩෙලා මැන්ඩෙලා, සුද්දෙක් ඔබ අමතයි... ඇතුළු වේදිකා නාට්‍ය නිර්මාණ රැසකට ඔහු රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.

එමෙන්ම බට්ටි, ඇහිපිල්ලමක් යට, කිඳුරු අඩවිය, පින්සර දොස්තර, පිනිවැස්ස, මහතලා හටන, අකුරු මැකි නෑ, අපර්ණා වැනි ටෙලි නිර්මාණ හරහා ඔහු ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප වූවා.

kemadasa

shungara

Back to top
Go to bottom