සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සිය වසර 33 ක සිනමා දිවියේ පළමු ජාතික සිනමා සම්මානයෙන් පිදුම් ලැබුවා.
ඒ 71 වන ඉන්දියානු ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී, ඉන්දීය ජනපති දෞපදී මූර්මුගේ අතින්.
ෂාරුක් ඛාන් මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ 2023 වසරේ තිර ගත වූ ‘ජවාන්’ චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙනි.
මෙහිදී හොඳම නළුවා සම්මානයෙන් ෂාරුක් ඛාන් සහ 2023 වසරේ තිරගත වූ '12 th Fail' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Vikrant Massey සම්මානයට පාත්‍ර උනා.
එමෙන්ම 'Mrs. Chatterjee vs Norway' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් රාණි මුකර්ජි හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබූ අතර මෙය රාණි මුකර්ජිගේ ද දශක තුනක සිනමා දිවියේ ලබාගන්නා පළමු ජාතික චිත්‍රපට සම්මානය මෙය වීම විශේෂත්වයක්.
සම්මාන උළෙල ඊයේ දිනයේ(23) දිනයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර vigyan bhawan හීදී පැවත්වුණි.







