lan englan tam

පුවත්

ප්‍රවීණ හොලිවුඩ් නිළි ඩයෑන් කීටන් අභාවප්‍රාප්ත වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ඔස්කාර්' සම්මාන ලාභී ප්‍රවීණ හොලිවුඩ් නිළියක වන ඩයෑන් කීටන් ( Diane Keaton) අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඇය 79 වන වියේ පසු උනා.

1970 දශකයේ තිර ගත වූ ‘The Godfather’ චිත්‍රපට වල ඇය රංගනයෙන් එක් වූ ‘Kay Adams-Corleone’ චරිතය හරහා ඇය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් උනා.

පසුව, 1977 වසරේදී ඇය රංගනයෙන් එක්වූ  වුඩී ඇලන් අධ්‍යක්ෂණය කළ ‘Annie Hall’චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය 1978 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේදී 'හොඳම නිළිය' සම්මානය දිනා ගැනීමට සමත් උනා.

සිය දශක පහකට අධික රංගන දිවිය තුළ ඩයෑන් කීටන් විසින්  චිත්‍රපට රාශියකට රංගනයෙන් දායක වී ඇති අතර, Father of the Bride, First Wives Club වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට මෙන්ම වුඩී ඇලන් අධ්‍යක්ෂණය කළ  like Play It Again, Sam, Sleeper, Love and Death and Manhattan... වැනි චිත්‍රපට ද ඒ අතර වනවා.

ඇය අවසන් වරට රංගනයෙන් එක්වූ චිත්‍රපටය වූයේ 2024 වර්ෂයේ තිරගත වූ ‘summer camp’ හාස්‍යෝත්පාදක චිත්‍රපටයයි.

kemadasa

shungara

Back to top
Go to bottom