lan englan tam

පුවත්

අරුණ ජයවර්ධනගේ “මාරියා” ළඟදීම රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලක සිට ප්‍රේක්ෂකයා ආසාවෙන් බලා සිටි අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ “මාරියා” (The Ocean Angel) චිත්‍රපටය ළඟදීම දිවයින පුරා තිරගත වීමට නියමිත බව වාර්තා වෙනවා.

තිරගත වීමට පෙර සිටම ජාත්‍යන්තර සම්මාන රැසක් හිමි කර ගත් “මාරියා” චිත්‍රපටය,

හේමාල් රණසිංහ , මහේන්ද්‍ර පෙරේරා , අශාන් ඩයස් , දර්ශන් ධර්මරාජ් , ප්‍රියන්ත සිරිකුමාර , දසුන් පතිරණ හා සුරන් දසනායක ගේ රංගනයෙන් ඔපවත් වී තිබෙනවා.

සම්පූර්ණයෙන්ම මහ මුහුද මැද රූපගත කර ඇති " මාරියා" චිත්‍රපටය ගැඹුරු මුහුදේ මසුන් මරන ධීවරයින් පිරිසක් අත්විඳින කුතුහලය පිරි සිදුවිම් දාමයක් වටා බැදී තිබෙනවා.

චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද , ඩිලන්ත පෙරේරාගේ සංස්කරණයෙන් ද , දමින්ද මඩවලගේ සහය අධ්‍යක්ෂණයෙන් හා චින්තක ජයකොඩිගේ සංගීතයෙන් හැඩ වූ " මාරියා " තිර රචනය සහ අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන විසිනි.

“මාරියා” චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඉන්ද්‍රජිත් සිල්වා විසින්. 

ඉතින් නුදුරේදීම “මාරියා” ඔබට ළඟම සිනමා ශාලාවේදී නරඹන්නට සූදානම් වන්න!

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතනින් - Click Here

 

තොරතුරු මූලාශ්‍ර - ඇන්‍ටන් ජේ ප්‍රනාන්දු

                         

 

පෝස්ටරය නිර්මාණය - ගයාන් ගමගේ Gayan Gamage

 

 

kemadasa

shungara

Back to top
Go to bottom