සිම්පල් සයිමන්’, ‘සාරි ඇඳපු පිරිමි’, ‘MADE in INDIA’ වැනි කෘතීන් රචනා කළ ජනප්‍රිය ලේඛක විෂ්ණු වාසුව ඔබ බොහෝ දෙනෙක් දන්නවා ඇති.
ඉතින්, ඔහු විසින් සිය කෘතීන් හරහා ගෙන එන සිය ජීවන චාරිකාවේ අත්දැකීම් ‘AUDIO BOOK’ ලෙස සයිබර් අවකාශයට නිකුත් කරන්නට අලුත්ම වැඩ කටයුත්තක් පටන් අරන් තියනවා.
මෙය නම් කරලා තියෙන්නේ "මගේ රස්තියාදු මතක සංචිතය" යන නමින්.
ඔහුගේ ‘සිම්පල් සයිමන්’ සහ ‘MADE in INDIA’ ග්‍රන්ථ ද්විත්වයේ එන කතා ඇසුරින් තමයි මෙය නිර්මාණය වෙන්නේ.
මේ ගැන විෂ්ණු වාසු විසින් අදහස් දක්වලා තිබුණේ මේ විදිහටයි.
''මම මගේ පොත් AUDIO BOOK ලෙස කියවන්න ගත්තා. මං මේ කටයුත්තට අත ගැහුවේ ම අපේ රටේ දෘශ්‍යාබාධිත ප්‍රජාව ගැන හිතලා. සාමාන්‍යයෙන් AUDIO BOOK සඳහා භාවිතා කරන්නේ කටහඬ පමණයි. නමුත් මම ඒ රාමුවෙන් පිට පනිනවා. කතාවට අදාළ ලෙස, ගීත, සංගීතය ඛණ්ඩ, ස්වාභාවික ශබ්ද ආදිය ඇතුළත් කරනවා. මගේ රස්තියාදු මතක සංචිතය ඔබට අලුත් අත්දැකීමක් වෙනවා නිසැකයි. මේ පළවෙනි පරිච්ඡේදය. දිවසින් දවස එකින් එක ජනගත කරන්නම්. ඔබට රිසි සේ මේ කතා ප්‍රචලිත කරන්න. කැමති නම් @VVaudiobook චැනල් එක SUBSCRIBE කරන්න.''
දැන් ඔබට ‘VISHNU VASU AUDIO BOOK’ යූ ටියුබ් නාලිකාව හරහා "මගේ රස්තියාදු මතක සංචිතය" වැඩසටහන් පෙළ සමග එක් විය හැකියි.
එහි පළමු වැඩසටහනට "මගේ රස්තියාදු මතක සංචිතය" (ප්‍රාරම්භය) පිවිසෙන්න පහළින්>>




