lan englan tam

පුවත්

“මාරියා” ළඟදීම රිදී තිරයට! (චිත්‍රපටයේ නිල ප්‍රචාරක ගීතය මෙන්න)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලක සිට ප්‍රේක්ෂකයා ආසාවෙන් බලා සිටි අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ මාරියා” (The Ocean Angel) චිත්‍රපටය ළඟදීම දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීමට සූදානම්.

ඒ අනුව චිත්‍රපටයේ නවතම පූර්ව ප්‍රචාරක පටය සහ නිල ප්‍රචාරක ගීතයක්ද ඊයේ (13) දිනයේ නිකුත් කරනු ලැබුවා.

තිරගත වීමට පෙර සිටම ජාත්‍යන්තර සම්මාන රැසක් හිමි කර ගත් “මාරියා” චිත්‍රපටය,

හේමාල් රණසිංහ , මහේන්ද්‍ර පෙරේරා , අශාන් ඩයස් , දර්ශන් ධර්මරාජ් , ප්‍රියන්ත සිරිකුමාර , දසුන් පතිරණ හා සුරන් දසනායක ගේ රංගනයෙන් ඔපවත් වී තිබෙනවා.

සම්පූර්ණයෙන්ම මහ මුහුද මැද රූපගත කර ඇති " මාරියා" චිත්‍රපටය ගැඹුරු මුහුදේ මසුන් මරන ධීවරයින් පිරිසක් අත්විඳින කුතුහලය පිරි සිදුවිම් දාමයක් වටා බැදී තිබෙනවා.

චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද , ඩිලන්ත පෙරේරාගේ සංස්කරණයෙන් ද , දමින්ද මඩවලගේ සහය අධ්‍යක්ෂණයෙන් හා චින්තක ජයකොඩිගේ සංගීතයෙන් හැඩ වූ " මාරියා " තිර රචනය සහ අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන විසිනි.

“මාරියා” චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඉන්ද්‍රජිත් සිල්වා විසින්. 

 

චිත්‍රපටයේ නවතම ප්‍රචාරක ගීතය 'සාගරයේ කතාවක්' නරඹන්න පිවිසෙන්න පහතින්.

ගීතය ගායනය - බිමල් ජයකොඩි , සංගීතය -  මංගල ගලප්පත්ති, පද රචනය - අංජලි ජයවර්ධන විසිනි.

චිත්‍රපටය පිළිබඳ තොරතුරු මූලාශ්‍ර - ඇන්‍ටන් ජේ ප්‍රනාන්දු

 

kemadasa

shungara

Back to top
Go to bottom