lan englan tam

පුවත්

ළඟදීම තිරගත වන “මාරියා” චිත්‍රපටයේ ගීත එළිදැක්වීම හා සම්මාන රාත්‍රිය දා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ හා සුරන් දසනායක රංගනයෙන් එක්වන “මාරියා” (The Ocean Angel) නවතම සිංහල චිත්‍රපටය ළඟදීම දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.

මෙය නිමිති කොට ගෙන චිත්‍රපටයේ ගීත එළිදැක්වීම සහ චිත්‍රපටයේ රංගන ශිල්පීන්ට සම්මාන ප්‍රදානය කරමින් ඇගයීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුණා.

“මාරියා” චිත්‍රපටයට රංගනයෙන් දායක වූ අප අතරින් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මතතා වෙනුවෙන් විශේෂ මතක සැමරුමක් ද මෙදින පැවැත්වුණු අතර ඔහු වෙනුවෙන් වෙන්වූ සම්මානය භාරගත්තේ ඔහුගේ බිරිඳ ඇතුළු හිත මිතුරන් විසිනුයි.

 

“මාරියා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අරුණ ජයවර්ධන විසින් වන අතර, චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඉන්ද්‍රජිත් සිල්වා විසින්.

චිත්‍රපටයේ කතාවට පාදක වන්නේ ගැඹුරු මුහුදේ මසුන් මරන ධීවරයන් සය දෙනෙකු හා නීතී විරෝධීව ඕස්ට්‍රේලියාවට පැන යාමට උත්සාහ කරන තරුණයෙක් වන අතර ඔවුනට සාගරය මැදදී හමුවන අද්භූත කාන්තා රුවක් වටා චිත්‍රපටයේ කතාව ගලා යනවා.

තිරගත වීමට පෙර සිටම ජාත්‍යන්තර සම්මාන රැසක් හිමි කර ගත් “මාරියා” චිත්‍රපටය නුදුරේදීම ළඟම සිනමා ශාලාවේදී නරඹන්නට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව උදා වනු ඇති.

 

පහතින් දැක්වෙන්නේ පසුගියදා පැවැති “මාරියා” චිත්‍රපටයේ ගීත එළිදැක්වීම හා සම්මාන රාත්‍රියේ විශේෂ අවස්ථා කිහිපයක්.

(ඡායාරූප එහි මුල්හිමිකරුවන් සතුයි)

(පහත ඡායාරූප මත click කිරීමෙන් විශාල කොට නැරඹිය හැකිය)

kemadasa

shungara

Back to top
Go to bottom