හෙළයේ මහා ගාන්ධර්වයන් දැයෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ 9 වැනි ගුණානුස්මරණ දිනය එළඹෙන නොවැම්බර් 03 වැනි දිනට යෙදී තිබෙනවා.
මෙය නිමිති කොට ගෙන සංවිධානය කෙරෙන ‘අමරදේව ආවර්ජනා’ ගුණ සමරුව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය අචාර්ය සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් ,
2025 නොවැම්බර් 03 වන සඳුදා, ප.ව 3.00 සිට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පවැත්වෙනවා.
එදින, අපේ ගම පරිශ්‍රයේ ඉදිවන අමරදේව අසපුවේ සුසානඝරය වෙත පුෂ්ප උපහාර දැක්වීමට ද නියමිතයි.
උත්සවයේ මුඛ්‍ය දේශනය ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සිදුකරන අතර ඔහුගේම සංගීත අධ්‍යක්ෂණයෙන් ප.ව 6.00 සිට අමරදේව ගීතාවලියක් ඉදිරිපත් වන්නට නියමිතයි.
මෙහිදී අමරසිරි පීරිස්, ජනනි පීරිස්, උද්දික ප්‍රේමරත්න, සුභානි අමරදේව, අසිත් චනුශ්ක අතපත්තු, ආශ්කා කුලතුංග, තනුර මධුගීත්, හිමාශ මනුප්‍රිය, අනුරාධා නන්දසිරි, පාලින්ද උඩවෙල ආරච්චි, ගිම්හාන කෝමංගොඩ.. ඇතුළු පිරිසක් ගීත ගායනය සදහා එක්වෙනවා.
සහෘද ආමන්ත්‍රණය කැලුම් ශ්‍රීමාල්, බිම්සරා ප්‍රේමරත්න සමග චමින්ද ගුණරත්න විසිනි.
මෙය සංවිධානය කරන්නේ අමරදේව පදනම විසින්.
ඇතුළුවීම නොමිලේ.





