lan englan tam

පුවත්

පවුලේ සැමට බලන්න “පහේ ළමයි” නොවැම්බර් 03 වනදා සිට ITN තුළින්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය කාලයේ ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් ‘වීදුරු තිර’ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ශාන් ජයරත්නගේ අලුත්ම ටෙලි නාට්‍යය නිර්මාණය තමයි “පහේ ළමයි” කියලා කියන්නේ.

පවුලේ සැමට එක්ව නැරඹිය හැකි මේ ටෙලිනාට්‍යය එළඹෙන නොවැම්බර් 03 සඳුදා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනී සේවය (ITN) හරහා විකාශය වීමට නියමිතයි.

572037463 10229199532428224 6141175092103630126 n

 

පවුල් කිහිපයක දරුවන් සහ දෙමවුපියන්ගේ සිදුවීම් සමුදායක් වටා මේ ටෙලි නාට්‍යයේ කතාව දිවෙනවා. අම්මලා තාත්තලා දරුවොත් එක්ක වාඩි වෙලා ආයෙමත් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න කියලා තමයි මේ ටෙලි නාට්‍ය ගැන හඳුන්වාදෙමින් සදහන් කරලා තියෙන්නේ.

රොෂාන් රණවන, උදයන්ති කුලතුංග, කවිහාරි හපුතන්ත්‍රි, , ශේෂාද්‍රි ප්‍රියසාද්, සම්පත් ජයවීර,දිනිති වල්ගමගේ, ලක්ෂාන් වාත්තුහේවා,ධනංජි තාරුකා, චතුරංග කොඩ්තුවක්කු.... ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.

“පහේ ළමයි” ටෙලි නාට්‍යයේ තිර රචනය ලියන්නේ “බැක්සයිඩ්”, “විසේකාරි” වගේ සම්මානනීය මෙන්ම ජනප්‍රිය ටෙලි නිර්මාණ වල තිර පිටපත් රචකයා උන ලක්ෂාන් වාත්තුහේවා විසින්.

මේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ රිෂාන් පෙරේරා විසින්.

ඉතින්, ඔක්තෝබර් 03 වෙනිදා ඉදන් ඔබට පුළුවන් miss කර ගන්නේ නැතුව “පහේ ළමයි” නරඹන්න එකතු වෙන්න.

ටෙලි නාටයේ හඳුන්වාදිමේ වීඩියෝ පට කිහිපයක් නරඹන්න පහළින්>>

 

 

 

kemadasa

Back to top
Go to bottom