ප්‍රවීණ ගායන ශිල්පිනියක මෙන්ම ගුවන්විදුලි නිවේදිකාවක වූ පුණ්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (01) දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඇය 79 වන වියේ පසූ උනා.
මෙරට අතිශය ජනාධරයට පාත්‍ර වූ ගීත රැසක් ඇය විසින් ගායනා කළ අතර, ‘දෑස වසාගමි ඔබ නොපෙන්නට’, ‘දෙනුවර මින් පසු’, "බකිණි ගහේ බකිණි මලින්" වැනි ගීත ඒ අතර සුවිශේෂයි.
ගායනවේදිනියක ලෙස මෙන්ම ගුවන්විදුලි නිවේදිකාවක ලෙසද ඇය ලාංකීය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඉමහත් කාර්‍යභාරයක් ඉටු කරනු ලැබූ කලාවේදිනියකි.
පුණ්‍යා කත්‍රිආරච්චි මහත්මියගේ දේහය හෙට (දෙසැම්බර් 2) උදෑසසන 8.00 සිට හොරණ කොළඹ මාර්ගයේ පිහිටි බොරලැස්ගමුව මල් ශාලාවේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු එදිනම සවස 6.00ට පිලියන්දල තුම්බෝවිල සුසාන භුමියේදි සිදු කෙරේ.
ඡායාරූප අයිතිය - ප්රවිණ ජායාරූප ශිල්පි දයාන් විතාරන.




