ෆෝන් කියන වචනෙ ත් එක්ක ස්පේස් කියන දේ ඇහුණු ගමන්ම අපි මුලින්ම හිතන්නෙ ෆෝන් එකක මතක ධාරිතාව ගැන.
ඒත් මේ කියන්න යන්නෙ ෆෝන් එකෙන් අපට නැතිවෙන ඉඩ ගැන.තමුන් රැඩිකල් කියන, මේ ක්රමවේදයෙන් ගැලවුණා කියන මිනිසුන්ටත් ෆෝන් එකෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙනවා.
තාක්ෂණේ හින්දා අපි කොච්චර ක්ෂණික තීරණ ගන්න මිනිස්සු බවට පත්වෙලාද? පොතක් පෙරළලා විස්තරයක් අන්තිමට හෙවුවෙ කොයි කාලෙද?
මැනුවල්ෆෝකස් කරලා ෆොටෝ එකක් ගත්තෙ කොයි කාලෙද? ගාණක් හිතින් හැදුවේ?
ටෙලිෆෝන් අංකයක් මතකෙ තියාගත්තෙ?
නෝට් පෑඩ් එකක් පාවිච්චි කළේ අන්තිමට කොයි කාලෙද?
ලස්සන දෙයක් ඒ මොහොතෙ විඳින්නෙ නැතුව ස්මාට් ෆෝන් තිරයක් හරහා බලන්න හුරුවෙලා. අසේල ගුණරත්න අන්තිම බෝලෙට හතරක් ගහලා ටීම් එක ඉන්න පැත්තට දුවගෙන යද්දි හිතට දැනුණු සතුට ෆෝන් එකෙන් ගිලගෙන.
හැමදෙයක්ම වාර්තා කිරීම කළයුත්තක් බවට පත්වෙලා. දැන්වත් තේරෙනවද? ෆෝන් එකේ ස්පේස් වැඩිවෙලා, අපේ ස්පේස් නැතිවෙලා.
Text: Rachintha Jayawardhana