lan englan tam

පුවත්

මාලිනී ෆොන්සේකා රඟ පෑ අවසන් චිත්‍රපටය ‘මලකි දුවේ නුඹ’ ජනවාරී 02 වනදා සිට රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අප අතරින් නික්ම ගිය හෙළ සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකා අවසන් වරට රංගනයෙන් දායක වූ චිත්‍රපටය වන ‘මලකි දුවේ නුඹ’ එළඹෙන 2026 ජනවාරී ජනවාරි 02 වනදා සිට EAP සිනමා මණ්ඩලය ඇතුලු දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.

මෙම චිත්‍රපටය තුළින් මාලිනී ෆොන්සේකා ඇගේ පරම්පරා දෙකක් සමඟ, පළමු වතාවට ෆොන්සේකා පරම්පරා තුනක් සිංහල සිනමාවේ දකින්නට ලැබෙනවා.

මාලනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, කුශේන්‍යා ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන.. ඇතුළු රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහළින්>>

 

‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ "ප්‍රේමයනම්","රූකඩ පැංචි" වැනි අපූර්ව සිනමා නිර්මාණ ඔබ වෙත ගෙන ආ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ යන දෙසොහොයුරන් විසින්.

මෙය ඔවුන්ගේ 3 වන සිනමා නිර්මාණයයි.

පවුලක් වටා ගෙතෙන සංවේදී කතා තේමාවක් රැගත් මේ චිත්‍රපටයට පවුලේ සැමට එක්ව නැරඹිය හැකි සිනමා නිර්මාණයක්.

චිත්‍රපටය නිෂ්පාදනය කළේ වෛද්‍ය ලක්ෂ්මන් මාකදුර සහ කුලරත්න ආරියවංශ විසින්.

ඉතින්, 2026 ආරම්භයේ ජනවාරී 02 දා සිට ප්‍රේක්ෂක ඔබට ළඟම සිනමා ශාලාවේදී ‘මලකි දුවේ නුඹ’ නරඹන්නට එක් විය හැකියි.

kemadasa

shungara

Back to top
Go to bottom