lan englan tam

පුවත්

‘ධර්මයුද්ධය 2” ජනවාරී 23 දා සිට විමර්ශන යළි ඇරඹෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ වන විට ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ බොහෝ අවධානයට ලක්ව ඇති සිනමා නිර්මාණයක් වන “ධර්මයුද්ධය 2” චිත්‍රපටය එළඹෙන ජනවාරි 23 වනදා සිට දිවයින පුරා සිනමා ශලා වලදී තිර ගත වීම් ආරම්භ වෙනවා.

 

610946595 4146569722250021 2603976624958495466 n

 

චිත්‍රපටයේ විශේෂ මධ්‍ය දර්ශනයක් ද පසුගියදා (06) කොළඹ ස්කෝප් සිනමාශලා පරිශ්‍රයේදී පැවැත්වුණ අතර, චිත්‍රපටයේ නළු නිළියන්, සිනමා විචාරකයන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් ඊට සහභාගී උනා.

‘ධර්මයුද්ධය 2” චිත්‍රපටය යනු මීට පෙර මෙරට තුළ අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘ධර්මයුද්ධය’ (2017) පළමු චිත්‍රපටයේම දෙවන දිගහැරුම වන අතර, පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ජැක්සන් ඇන්තනී නිරෑපණය කළ ‘හරිශ්චන්ද්‍ර’ ගේ චරිතය මෙම චිත්‍රපටයේ නිරූපණය කරන්නේ බිමල් ජයකොඩි විසිනුයි.

චිත්‍රපටයට රංගනයෙන් බිමල් ජයකොඩි ඇතුළුව දිල්හානි අශෝකමාලා, සනත් ගුණතිලක , බුද්ධදාස විතානාච්චි, තිසුරි යුවනිකා , විනුමි වන්සදී , කුසුම් රේණූ, ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද්, කළණ ගුණසේකර.. ඇතුළු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

‘ධර්මයුද්ධය 2” අධ්‍යක්ෂණය කළේ අරුණ ජයවර්ධන විසින් වන අතර, චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා ද, කැමරා අධ්‍යක්ෂක වරයා ලෙස චන්න දේශප්‍රියත් කටයුතු කරනවා.

ධර්ම යුද්ධය දෙවන චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ???????? ????? ??????? ආයතනයයි.

“ධර්මයුද්ධය 2” චිත්‍රපටය 'Drishyam 2' මලායාලම් චිත්‍රපටයේ නිල සිංහල ප්‍රතිනිර්මාණය වන අතර, "Drishyam" (2013) චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය වූ ‘ධර්මයුද්ධය’ පළමු චිත්‍රපටය ද මෙරට බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට සමත් වූ චිත්‍රපටයක් බවට පත් උනා.

ඉතින්, එළඹෙන ජනවාරි 23 දා සිට පවුලේ සැමට ළඟම සිනමා හලේදී “ධර්මයුද්ධය 2” නරඹන්නට එක් විය හැකියි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>>

 

kemadasa

shungara

Back to top
Go to bottom