උබර්තො පැසොලීනි ලංකාවේ අපට නුපුරුදු නාමයක් නොවේ. ඒ "මචං" චිත්‍රපටයේ අද්යක්ෂවරයා වශයෙනි. මේ උබර්තො පැසොලීනි ගේ තවත් සිනමා නිර්මාණයකි.
චිත්‍රපටයේ කතාව කෙටියෙන් මෙලෙස ය. ජෝන් මේ මැදි වියේ පසුවෙන්නෙකි. ඔහු ගේ වෘත්තිය තරමක් අමුතු ආකාරයේ එකකි. එනම් භාරකරුවෙකු නොමැතිව මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ සොයාගෙන එය ඔවුන්ගේ මව්පිය නැදැ හිතමිතුරන් ට බාර දී ගෞරවාන්විත ලෙස අවසන් කටයුතු සිදු කිරීමය.
බොහො විට මෙවැනි මලසිරුරු පවුලේ සමාජිකයන් ප්‍රතික්ශේප කරන අතර තමන් හැරගියවුන් නැවත තමාට අනවශ්‍ය බව ඔවුන් පවසයි. එවැන්නන් ගේ අවසන් කටයුතු සදහා සහභාගි වන්නෙ ජෝන් මේ සහ වත්පිළිවෙත් සිදුකරන පුජකයා පමණි. ජෝන් මේ ද හුදකලා ජීවිතයක් ගතකරන්නෙකි. ඔහුට තමාගේ යැයි කිව හැකි කිසිවෙක් මෙලොව නැත. රාජකාරියේ නියැලුනද ඔහුගේ මේ හුදකලා බව විවිධ කැමරා කෝණයන් ගෙන් මැනවින් නිරූපණය වී ඇත.
මේ අතර රජය විසින් දැනුම් දෙන්නේ ජෝන් මේ ගේ රැකියාව අනවශ්‍ය එකක් බවත් එය අත්හිටුවීමට තීරණය කර ඇති බවත් ය. තමන් දැනට භාරගෙන ඇති එක කටයුත්තක් ඇති නිසා එය නිම කරන තුරු පමණක් කාලය ලබාදෙන ලෙස ඔහු බලධාරීන් ගෙන් ඉල්ලා සිටී. ඔහුගේ ඉල්ලීමට ඉඩ ලැබේ.
ජෝන් මේ ගේ අවසාන රාජකාරිය වන එම පුද්ගලයා විවාහකයෙකු බවත් ඔහුට බිරිදක් හා දියණියක් සිටින බවත් ජෝන් මේ සොයා ගනී. ජෝන් මේ මෙම බිරිද සහ දියණිය සොයා යයි. එම ගමන ඔහුගේ ජීවිත්යේ විශාල වෙනසක් සිදුකරයි. ජීවිතය නම් මේ යයි නැවත සිතන්නට යොමු කරන අවසානයේ විශාල කම්පනයක් ඇතිකරන සිනමා නිර්මාණයකි.
-hAsH-