ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අඩුම දින ගණනකින් මිලියන 200 සීමාව පසු කළ ලාංකේය චිත්‍රපටය බවට පත්වීමට “ධර්මයුද්ධය 2” සමත් වී තිබෙනවා.
ඒ දින 17 වැනි කෙටි කාලසීමාවක් තුළ මිලියන200 (ලක්ෂ 2000) ක ආදායමක් උපයා ගැනීමට සමත් වෙමින්.

“ධර්මයුද්ධය 2” චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජනවාරි 23 වැනිදා සිට වන අතර, එදා පටන් මේ දක්වා ඊට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අතිශය ඉහළ වීම සුවිශේෂයි.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අරුණ ජයවර්ධන විසින් වන අතර, ???????? ????? ??????? ආයතනයය චිත්‍රපටය නිෂ්පාදනය කළා.
මීට රංගනයෙන් බිමල් ජයකොඩි ඇතුළුව දිල්හානි අශෝකමාලා, සනත් ගුණතිලක , බුද්ධදාස විතානාච්චි, තිසුරි යුවනිකා , විනුමි වන්සදී , කුසුම් රේණූ, ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද්, කළණ ගුණසේකර.. ඇතුළු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.
“ධර්මයුද්ධය 2” චිත්‍රපටය 'Drishyam 2' මලායාලම් චිත්‍රපටයේ නිල සිංහල ප්‍රතිනිර්මාණය වන අතර, "Drishyam" (2013) චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය වූ ‘ධර්මයුද්ධය’ පළමු චිත්‍රපටය ද මෙරට බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට සමත් වූ චිත්‍රපටයක් බවට පත් උනා.




